පුවත් හා විශේෂ අවස්ථා
කාසිය වාසිය දිනාගත් මා/රජයේ විද්‍යා විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම් සිසුන්, ශාන්ත තෝමස් විද්යාල්යට ප්‍රතමයෙන් පන්දුවට පහරදීමට ,අරාදනා කලේය. අප විද්‍යාලයේ සිසුවෙකු විසින් ප්‍රතම පන්දුවෙන්ම කඩුල්ලක් වර්තා කරමින් ඉතා උද්යෝගිමත්ව තරගය ආරම්භ කර අතර පලමු පන්දුවාර කිහිපයේදී ශාන්ත තොමස් විද්‍යාලයේ පලමු පේල ක්‍රිඩකයන් පස් දෙනෙකු දවා ගනිමින් තරගය ඉතාමත් උණුසුම්කාරිව ඉදිරියට ගෙනයාමෙන් පන්දුවාර හතලිස් හතකදි සියලු ක්‍රිඩකයන් දාවා ගනිමින් තොමසුවන්ගේ ඉනිම නිමා කෙරුණි. අප විද්‍යාලයේ තරගකරුවන්ගේ උනන්දුව හා කැපවිම සමගින්, ශාන්ත තොමස් විද්‍යාලයේ සිසුවේකු විසින් ශතකයක් වාර්තා කිරිමට ප්‍රතමයෙන්, ලකුණු අනුනවයක් තුල දි ඉතා විශිෂ්ට ලෙස එම ක්‍රිඩකයා දවා ගැනිම සිදු කලේය. එලෙස සන්දයා කාලය වන විට ඉතා සාර්තකව තරගය නිමා කිරිමට හැකියාව ලැබුණි.
මෙවරත් අප පාසලේ 12 ශ්‍රේණිය විසින් සංවිධානය කරනු ලබන අපෙගෙ පාසලේ වාර්ෂික අවුරුදු උත්සවය විද්‍යාලීය ක්‍රීඩාංගනයේදි බක් මස 10 වන දින අති උත්කර්ෂවත් ලෙස පැවත්වුණි.
අලියාට ඇස තැබීම, වාසනා මුට්ටිය බෙදීම,කඹ ඇදීම,බනිස් කෑම වැනි අවුරුදු ක්‍රීඩා වලින් අලංකාරවත් වූ මෙවර අලුත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික චාරිත්‍රවලට මුල් තැනක් දෙමින් පැවත්වූ අයුරු අපූරුය.
අප විද්‍යාලයට වසර 70ක් පිරීම නිමිත්තෙන් 2024 පෙබරවාරි 15 වන දින සර්ව රාත්‍රික පිරිත් දේශනයක් සහ පසුදා උදෑසන භික්ෂූන් වහන්සේලා 70 නමක් සදහා උදෑසන දානම පින්කමක් පැවැත්විණි.
මාතලේ රජයේ විද්‍යා විද්යාලයෙයට 2024 පෙබරවාරි 15 වන දිනට වසර 70 ක් සපිරිණි. එම නිස එදිනට 70 වන සන්වත්සරය ඉතාසාර් ථක ලෙස පවත්වුණි. එදින පස්වරු 1.00 ට පමණ කාර්යලය ඉදිරිපිට 70 වන සන්වත්සරය සැමරීම වෙනුවෙන් මෙවර කේක් කපනු ලැබුවේ විදුහල්පතිතුමිය සහා පාසලෙ ලාබලතම සිසුවා වන් 10-ඒ පන්තියේ ඉගෙනුම ලබන ගිම්හන නම් සිසුවා සමගය. එම කටයුත්ත ඉත සාර් ථක ලෙස නිමා වුණි.
2024/3/13 වන දින රජයේ විද්‍යා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී විෂයට අදාළව සම්මන්ත්‍රණයක් පැවත්වුණි. එය නම් ගුරුතුමිය විසින් මෙහෙයවනු ලබන අතර එතුමිය අප පාසලේ ගත කරන අවසන් දින එදින වූ අතර එතුමිය හෙට සිට විශ්‍රාම දිවියක් ගත කිරීමට සූදනම්ව ඇත. එම නිසා එතුමිය විසින් දූ දරුවන්ගේ දැනුම වැඩි දියුණු කිරීමට මෙම සම්මන්ත්රාණය පැවැත් විය. එතුමියට සුභ විශ්‍රාම දිවියක් ගත කිරීමට හැකි වේ යැයි අප විද්‍යාලයේ සවොම පතන්නෙමු.







