විදුහල්පති පණිවිඩය
එච්.එම්.හේරත් මිය
එච්.එම්.ඒ.ජී.හේරත් මිය
දශක හතක් තුල ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේද කීර්තියක් පතුරා ඇති මාතලේ රජයේ විද්‍යා විද්‍යාලය දිනෙන් දින විශිෂ්ටත්වය කරා පියනගමින් කලාප, පළාත්, ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසකට උරුමකම් කියයි.
විද්‍යා විද්‍යාලය වෙත පියනගන සෑම දරුවකුම විද්‍යාත්මක චින්තනයෙන් හෙබි විශිෂ්ට පුරවැසියෙකු ලෙස ලොවට දායාද කිරීම විද්‍යාලීය අපේක්ෂාවයි. යාවජීව අධ්‍යාපනය සඳහා අවශ්‍ය විද්‍යා අධ්‍යාපනයේ පදනම දමමින් ළාබාල දරුවන් ගෝලීය දරුවන් ලෙස ශක්තිමත් කිරීමට මගේ ගුරු මණ්ඩලය කැපවීමෙන් සේවය කරයි.
අභිමානවත් 70 වන සංවත්සර සමරන අවස්ථාවේදී විදු මව් තුරුලේම හැදුන වඩුන ආදි ශිෂ්‍යාවක් ලෙස විද්‍යා විද්‍යාලීය දරු දැරියන් ජයග්‍රහණ කරා මෙහෙයවීමට ලැබීම පිළිබඳව නිහතමානීව ආඩම්බර වෙමි.
ඉතිහාසය පුරාවට විද්‍යාලය ඉහළින් ඔසවා තැබීමට උරදුන් ආදි විදුහල්පති මහත්ම මහත්මීන්, ආදි ගුරු මහත්ම මහත්මීන්, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්, සුභ පතන්නන් හා වර්තමාන ගුරු මහත්ම මහත්මීන් හා දෙමාපියන් ද මා මේ අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කරන අතර ඒ සියලු දෙනාට ස්තූතිය ප්‍රකාශ කරමි.
විද්‍යා විද්‍යාලය චිරාත් කාලයක් විශ්වය තුළ ඉහළින් වැජඹේවා යි ප්‍රාර්ථනා කරමි.
එච්.එම්.හේරත් මිය
විදුහල්පතිනිය
මා/රජයේ විද්‍යා විද්‍යාලය.







