මහතලාපුරයෙන් රජුන් ලොවට දායාද කරමින්,වර්තමානය වනවිට තම කිතුගොස දිවයින පුරා පතුරන්නට වෙර දරන විදු විදුහල්මාතාව වර්ෂ 1954 ක් වූ පෙබරවාරි මස 15 වන දින මේ පූජනීය වූ රණ් දෙරණ මත දී ස්ථාපිත විය.

පාසල් ආරම්භක විදුහල්පතිදූරය දැරූ එස්. රත්නසභාපතියන්ගෙ මගපෙන්වීම මත පාසල තුළ ගුරු මණ්ඩලයේ ගුරුවරුන් සංඛ්‍යාව 2 කි.එම ආරම්භක ගුරු මණ්ඩලය සමන්විතවූයේ විමල සිල්වා හා මැනුවල් සිල්වා යන ගුරු දේවතාවන් දෙදෙනෙකි.
දීර්ඝ කාලීන ඉතිහාසයක් සහිතව මහතලාපුරයේ බිහි වී තිබූ නමගිය පාසල් තිබෙන සමයක අඩු පහසුකම් යටතේ ආරම්භ වූ මාතලේ රජයේ විද්‍යා විද්‍යාලය විද්‍යා විෂයෙන් උසස් අධ්‍යාපනය ලබාදීමට ආරම්භ විය.වර්ෂ 1959 සිසුන් 40 කින් ද ගුරුවරුන් 2 ක ගේද පිරිසකින් ආරම්භ වූ මා/රජයේ විද්‍යා විද්‍යාලය වර්ෂ 1970 දී ඇතුළත් වූ සිසුන් ප්‍රමාණය ඉහල යාමට බෙහෙවින් ම හේතු වූයේ පාසලට ඇතුළත් වන සිසුන් පිරිසෙන් විශ්වවිද්‍යාලයට තේරි පත් වූ සිසුන් සංඛ්‍යාව ඉහල යාමයි.
පාසලේ ආරම්භක විදුහල්පතිවරයා වූ රත්නසභාපතියන්ගෙ යාපනය ප්‍රදේශයට සිදු වූ ස්ථානමාරුව පාසලේ හැරවුම් ලක්ෂ්‍යය විය.පාසලේ දෙවන විදුහල්පතිවරයා ලෙස විදු විදුහල්බිමට සම්ප්‍රාප්ත වූ එච්.ආර්.පී.රූපසිංහ මයා විසින් පාසලට ක්‍රිකට් කීඩාව හදුන්වා දුන් ලදි.පාසලේ සිසුන් අධ්‍යාපනික වශයෙන් පමණක් නොව ක්‍රීඩා කුසලතා අතින්ද ඉතාම පරිපූර්ණ පුද්ගලයින් බවට සමාජය විසින් පවා පිළිගැනීමට පටන්ගත්තේ එතැන් සිටය.
මෙසේ තම බලපරාක්‍රමයන් හා කීර්ති ඝෝෂාවන් රණ දෙරණ මත පතුරුවන රජයේ විද්‍යා විද්‍යාලය දශක 6 කටත් වඩා වැඩි කලක් වැජඹෙමින් පවතිනු ඇත.







