Special Notice
Science Exhibition Organized to celebrate the platinum jubilee of our almar matar is on the way
The official newspaper of Govt.Science College Matale coming soon..........
-
- අපේ පාසල ගැන
- පාසලට පැමිණීම - පෙ.ව.7.15 ට පෙර පාසලට සියලුම සිසුන් තම තමන්ගෙ පන්තිවලට ගොස් පිරිසිදු කිරීම් කටයුතු කළ යුතුය.
පළමු සීනු නාදය - පෙ.ව.7.25 ට පන්තිවලට පැමිණිය යුතුයි.
දෙවන සීනු නාදය - පන්සිල් ගැනීම, මේ වන විට පන්ති කාමරවලට ඇතුල් වී නොමැති සිසුන් ඒ ස්ථානවලම සිට පන්සිල් ගැනීම කළ යුතුය.
තුන්වන සීනු නාදය - ප්‍රථම කාලච්ඡේදයට සූදානම් වීම.
- පළමු කාලච්ඡේද : හතර හා විවේක කාලයෙන් පසු කාලච්ඡේද හතර තුළ පන්ති කාමර තුල රැදී සිටීම අනිවා ර්ය වේ.ගුරුවරයෙකුගේ විශේෂ අවසරයකින් තොරව ජල කරාම හෝ වැසිකිළි වෙත නොයා යුතුයි.ප්‍රධාන ශාලාව තුල මෙන්ම අදාළ නොවන ස්ථානවල නිසි අවසරයකින් තොරව රැදී සිටීමෙන් වැලකිය යුතුය.
- තමාට අයිති පන්ති කාමරය තුළ පමණක් රැදී සිටීම අනිවාර්ය වේ.නිසි අවසරයකින් තොරව සිසුන්ට වෙනත් පන්තිවලට යෑම තහනම් ය.කොරිඩෝවල ගමන් කරන් විට බිත්තියට ආසන්නව තමන්ගෙ දකුණත පැත්තෙන්ම ගමන් කළ යුතු අතර නිශ්ශබ්දතාවය රැකිය යුතුයි.කොරිඩෝව තුළ අන් අයට අවහිරවන පරිදි රැදී සිටීමෙන් වැළකිය යුතුයි.
- පංති කාමරයේ සිට වෙනත් ක්‍රියාකාරකම් සදහා ක්‍රීඩාංගනය,ප්‍රධාන ශාලාව,විද්‍යාගාර,පුස්තකාලය ආදි ස්ථානවලට ගමන් කිර්‍ර්මේදී එකිනෙකා පසු පසින් පේළියට ගමන් කළ යුතු ය.
- කුමන හේතුවක් නිසාවත් පාසලට පැමිණි පසු විදුහල්පතිගේ නිසි අවසරයකින් තොරව (ප.ව.1.30 ට) පාසල නිමාවන තුරු විද්‍යාල භූමියෙන් බැහැරවීම සපුරා තහනම් ය.ක්‍රීඩාංගනයට යන ඕනෑම අවස්ථාවක ක්‍රීඩා භාර ගුරුතුමා හෝ වෙනත් ගුරු මහතකු හෝ මහත්මියක සමග පමණක් යා යුතුය.එහෙත් එසේ පිටත් වීමට පෙර විදුල්පතිගෙන් හෝ නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගෙන් අවසරය ලබා ගත යුතුය.