පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (10-13)
- පිරිමි ළමුන් ෆුල් ඕවර් පැළඳ පන්ති කාමරය තුළ හෝ පාසල තුළ ගැවසීම තහනම් ය. කොණ්ඩය කොටට කපා, නිවැරදි ලෙස පීරා තිබිය යුතුයි. කලිසම හිර නොවන සේ ඉනට ඇඳිය යුතුයි. විවිධ විලාසිතා අනුව කොණ්ඩා මෝස්තර හෝ වර්ණ ගැන්වීම පාසල තුළ ද, පිටත ද සපුරා තහනම් ය.
- හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.


ගැහැණු ළමුන් (1-13)
- ගැහැණු ළමුන්ගේ සුදු ගවුම දනහිසෙන් පහළ දක්වා දිගු විය යුතුය. නිල ඇඳුමෙහි ඉණ නිවැරදිව සකස් වී තිබිය යුතුයි. කොණ්ඩය දෙකට බෙදා පීරා, ගොතා, කළු රිබන් පටියකින් බැඳ, නවා ගැට ගැසිය යුතුයි. (විවිධ කොණ්ඩා මෝස්තර වලින් වැළකිය යුතුයි.)
- ගැහැණු ළමුන් විද්‍යාලයීය බඳ ගාංචුව (බකල්) පැළඳීම අනිවාර්ය වේ.

තවද
- කිසිදු හේතුවක් මුල්කරගෙන කුමන ආකාරයක හෝ මුදු, අත් පළඳනා හෝ නිළ ඇඳුමට පරිබාහිර වෙනත් කිසිදු ආභරණයක් පැළඳීම සපුරා තහනම් ය.
- පිරිමි ළමුන් සහ ගැහැණු ළමුන් විද්‍යාලයීය නිළ ලාංඡනය පැළඳීම අනිවාර්ය වේ.
- ආහාර ගෙන ඒමේදී ඒ සඳහා කෑම පෙට්ටියක් භාවිතා කළ යුතුයි. පාසලේ පොලිතීන් භාවිතා කළ නොහැකිය. දීප ව්‍යාප්ත කසල කළමණා කරන වැඩ සටහන යටතේ පාසල තුළ පවතින නීති වලටද අනුගත විය යුතු ය.
- පාසල් පරිශ්‍රයට ඇතුලු වන දෙමව්පියන් සුදුසු ඇඳුමකින් සැරසී පැමිණිය යුතුය. ශිෂ්‍ය ශිෂ්‍යාවන් හමුවිය හැක්කේ මවට හෝ පියාට පමණි.
- කිසිම හේතුවක් නිසා දෙමව්පියන් පන්ති කාමර වලට නොයා යුතුය.
- විදුහල්පතිතුමා මගින් අදාළ සිසුන් හමුවන තුරු කාර්යාලය අසල අසුන්ගෙන සිටිය යුතුයි.
ශිෂ්‍ය පැමිණීම
- පාසලට දිනපතා පැමිණීම අනිවාර්ය වේ. (විශේෂ හේතු මත නොපැමිණෙන්නේ නම් හේතු දක්වා දෙමව්පියන්ගේ ලිපියක් අවශ්‍යය.)
- දින 3 ක් හෝ ඊට වඩා නොපැමිණෙන්නේ නම්, වෛද්‍ය
- සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.
- සතියක් හෝ ඊට වඩා වැඩි දින ගණනක් ළමයා පාසලට නොපැමිණෙන්නේ නම් දෙමව්පියන් පාසලට විත් විදුහල්පතිතුමාව දැනුවත් කළ යුතුය.







