Science Exhibition Organized to celebrate the platinum jubilee of our almar matar is on the way

The official newspaper of Govt.Science College Matale coming soon..........

Bigmatch-3.jpeg
Bigmatch-2.jpeg
Bigmatch.jpeg
 රනුදි පෙවින්‍යා...

රනුදි පෙවින්‍යා...

විවිධ පාට පහරවලින් කතන්දර මුමුණන එකත් එක්තරා විදිහක කලාවකි. එම කලාව මිනිසාගේ හදපතුලින්ම පැමිණෙන දෙයකි.

 එවැනි දෙයකට මිනිසාව සතුටු කිරීමට ඉතා අපහසු කාර්යක් නොවන බව අප හොදින්ම දන්නා කරුණකි. අප ජීවත් වන පෘථිවි තලයේ විවිධ අයුරින් සිත්තම් කරන සිත්තම් කරුවෝ දක්නට ලැබේ. නමුත් මහතලවෙන් බිහි වූ රජයේ විද්‍යා විද්‍යාලය වන අප විද්‍යාලයේ අපගේම සහෝදරියක් වන රනුදි පෙවින්‍යා 2023 සමස්ත ලංකා චිත්‍ර තරඟයට අයදුම් කර ඇති අතර එම තරඟයට ඉතා සාර්ථක ලෙස ඇය නොබියව ඉදිරිපත් විය. ඇය ඇයගේ උපරිම දක්ෂතාවය භාවිතා කර ජාල මාධ්‍යයෙන් සිතුවමක් ඇඳ ඇති අතර එම සිත්තම සමස්ත ලංකා චිත්‍ර තරගයෙන් තෙවන ස්ථානයට සුදුසුකම් ලැබීමත් සමග රනුදි පෙවින්‍යා සහෝදරිය එම තරගයේ තෙවන ස්ථානය ලබා ගනිමින් මධ්‍යම පළාත් කණ්ඩායමේ දක්ෂතම තරඟකාරිය ලෙසද ප්‍රකාශයට පත් කෙරිණි. ඒ ආකාරයට විද්‍යා විද්‍යාලයේ සිසුන්  ඔවුන්ගේ අධ්‍යාපනික තත්ත්වයෙන් පමණක් නොව අනෙකුත් ක්ෂේත්‍රවලින් ද විශිෂ්ඨයින් බව ඔප්පු කර ඇත. මෙවැනි ජයග්‍රහණයකින් පිදුම් ලැබූ රනුදි පෙවින්‍යා සහෝදරියට අපගේ උණුසුම් සුභපැතුම්.......